දේශීය

ලංගමට පත්ළ පහත් බස් 200ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

කෙටි දුර ධාවනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මගී සුව පහසුව සහිත පත්ළ පහත් නව බස් රථ 200ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

පිළිගත් දේශීය සමාගම් වෙතින් සීමිත තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාප‌ටිපාටිය අනුගමනය කරමින් මෙම බස් රථ මිලදී ගැනීමට නියමිතය.

කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සහිතව ආරම්භ කිරීම සඳහා සැලසුම් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *