දේශීය

දියවන්නාවෙන් එහා PCR අද

අද (13)  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

අද රැස්විමේ දි එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකිරීමට නියමිතය. ඒ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙණි.

එසේම අද පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බව වාර්තා වේ.

එළඹෙන 15 වන දා ද පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදුකිරීමට පියවරගෙන ඇති අතර එම දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණ සිදු කර ගැනීමේ හැකියාව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *