තවමත් කොවිඩ් සමාජ ව්‍යාප්තියක් නැත – වෛද්‍ය අසේල ගුණවර්ධන
කොවිඩ් වෛරස තත්ත්වය සමාජ ව්‍යාප්තියක් සිදුව නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙරට තුළ සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් 3.5% ත් 4% ත් අතර ප්‍රතිශතයක් පමණක් වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා අතර එම ප්‍රතිශතය 5% ඉක්මවා ගියහොත් පමණක් වෛරසය සමාජයේ පැතිරීමක් සිදුව ඇති යැයි හැඳින්විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගනිමින් ක්‍රියා කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැකිව ඇති බවයි අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ.
එසේම මෙම තත්ත්වය ආරක්ෂා කරගැනීමට සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ජනතාව මෙතෙක් ලබා දුන් සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
