දේශීය

යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු මරුට

ඊයේ (13) රාත්‍රීයේ බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල, පටිටිය ගෙදර, ලිපිනයේ පදිංචිව සිටි 56 හැවිරිදි ආර්.ආර්.එම් හදුන්ගේ නැමැති පුද්ගලයෙකි. 

යතුරුපැදිය සහ ටිපර් රථය එකම දිශාවට ධාවනය වී ඇති අතර එහිදි එම යතුරුපැදිය සහ ටිපර් රථය එකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව‍යි පොලීසිය සඳහන් කළේ.

බලන්ගොඩ පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *