දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකු දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකු අද (15) දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රාජ්‍යයේ රැඳී සිටි 28 දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි 44 දෙනෙකු සහ ජපානයේ රැඳී සිටි 37 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ජර්මනිය, මාලදිවයින, ඉතාලිය හා බංග්ලාදේශය සිටි පුද්ගලයින් පිරිසක් ද අද මෙරටට පැමිණෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,790 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?