දේශීය

තවත් ග්‍රාම සේවා වසම් 08ක් හුදකලාභාවයෙන් ඉවතට

ඇහැලියගොඩ, පානදුර සහ බේරුවල පොලිස් වසම්වල ග්‍රාම සේවා වසම් කිහිපයක් අද (16) උදෑසන 5.00 සිට හුදකලාභාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඇහැලියගොඩ පොලිස් වසමේ මන්නාන, බොපත්ඇල්ල, විලේගොඩ, අස්ගඟුල සහ යකුදාගොඩ යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදකලාභාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පානදුර පොලිස් වසමේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරි වසම සහ බේරුවල පොලිස් වසමේ මග්ගොන නැගෙනහිර සහ මග්ගොන බටහිර මෙලෙස අද උදෑසන 5.00 සිට හුදකලාභාවයෙන් ඉවත් කෙරුණු අනෙක් ග්‍රාම සේවා වසම් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *