දේශීය

දුරගමන් දුම්රිය සේවා ලබන සඳුදා සිට යළි ඇරඹේ

ලබන සඳුදා (18) සිට දුරගමන් සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුවේ සිට මහනුවර සහ බදුල්ල දක්වා දුම්රිය ධාවනය සිදුකෙරෙනු ඇත.

උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ද මඩකලපුව මාර්ගයේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ද දුම්රිය ධාවනය සිදු කිරීමට නියමිතය.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා ද දුරගමන් දුම්රිය සේවා ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙලෙස දුරගමන් දුම්රිය සේවා ආරම්භ වන්නේ පසුගිය මාර්තු මාසයේ කොවිඩ් වසංගතය හමුවේ රට හුදකලා කිරීමෙන් පසුව වීම විශේෂත්වයකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?