අත්හිටුවා තිබූ දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ
අද (18) සිට දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුනෙක් තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය ගමන්වාර 12 ක් ඒ අනුව අද සිට ආරම්භ කර තිබේ.
ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුර ගමන් සේවා ධාවනය මෙලෙස ක්‍රියාත්මක වේ.
උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා උදයදේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියත්, මරදානේ සිට බෙලිඅත්ත දක්වා දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියත් අද සිට ධාවනය ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
