දේශීය

හෙට දිවයින පුරා රෝහල් 20ක් ඉදිරිපිට විරෝධතා

කොවිඩ් වසංගතය හමුවේ වෛරස මර්දන කටයුතුවලදී අනියම් සහ ආදේශක සෞඛ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටළු ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල් 20ක් ඉදිරිපිට හෙට (19) දිනයේ විරෝධතා පැවැත්වීමට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කර ඇත්තේ පානදුර, ඇල්පිටිය මූලික රෝහල් මෙන්ම ගම්පොළ ශික්ෂණ රෝහල ඇතුළු තවත් රෝහල් කිහිපයක් ඉදිරියේ මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *