දේශීය

කසළ තේ තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට

කසළ තේ තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙක් සීදුවේ, කොටුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ (18) සවස ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කසළ තේ කිලෝග්‍රෑම් 29,000ක් හා ඒවා අපනයට සැලසුම් කරන ලද කන්ටේනරයක් සහිත ට්‍රක් රථයක් ද විශේෂ පොලිස් කාර්ය බලකා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කසළ තේ තොගය වැඩිදුර විමර්ශන සඳහා සීදුව පොලීසිය වෙත භාර දී ඇති අතර, හෙට (20) දිනයේ දී එම පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *