දේශීය

රාජ්‍ය අමාත්‍යාංශයක කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

එම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ වෛරස ආසාදිත පුද්ගලයින් අදාළ සෞඛ්‍ය ක්‍රියාමාර්ග සඳහා යොමුකර ඇති බවයි.

මෙලෙස හඳුනාගත් වෛරස ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ද හඳුනාගෙන ඔවුන් සියලු දෙනා නිරෝධායනය කටයුත් සඳහා යොමුකිරීමට කටයුතු කර ඇතැ බවද වාර්තා වේ.

කෙසේවෙතත්  කොවිඩ් වෛරස ආසාදිතයින් කිහිපදෙනෙක් හමුවුවද අමාත්‍යාංශය වසා දමා නොමැති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතේ සෙසු කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කෙරෙන පරිදි සෞඛ්‍යාරක්ෂක උපක්‍රම උපරිමයෙන් ක්‍රියාත්මක බව හා අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු සුපුරුදු ලෙස අඛණ්ඩව සිදුකෙරෙන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *