දේශීය

හෙට පානදුර ප්‍රදේශ කිහිපයකට පැය 8 ක ජල කප්පාදුවක්

පානදුර ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රීයේ දී පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දන්වා ඇත.

පානදුර බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 8.00 සිට අනිද්දා අලුයම 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි  එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව පානදුර ජල සම්පාදන ක්‍රමය මගින් ජලය බෙදාහරිනු ලබන පානදුර නගර සභා බල ප්‍රදේශය, කෙසෙල්වත්ත හැර ප්‍රාදේශීය සභා සීමාව සහ වාද්දුවේ කොටසකට මෙම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *