අද කාලගුණය
දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් ඉදිරි දිනවලදී දැකගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උදෑසන කාලයේ දී බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් පවතී.
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇති විය හැක.
ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
