මීටියාගොඩදී පොඩි ලැසීගේ ගෝලයකු අත්අඩංගුවට
මීටියාගොඩ හරන්නාගල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගිනි අවි සහ උණ්ඩ සමග ඊයේ (22) රාත්‍රියේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන පොඩි ලැසීගේ ගෝලයකු බව වාර්තා වන අතර 30 හැවිරිදි වියේ පසුවන සැකකරු හිටපු නාවික හමුදා සෙබළෙකු ද වේ.
ඔහු සතුව තිබී චීනයේ නිෂ්පාදිත NP 34 වර්ගයේ මිලි ලීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ස්වයංක්‍රීය පිස්තෝල 01 ක්, මිලි ලීටර් 09 ජීව උණ්ඩ 02 ක් සහ මිලි ලීටර් 38 වර්ගයේ උණ්ඩ 06 ක් යෙදිය හැකි ආකාරයට සකස් කරන ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබේ.
සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
