බුලත්කොහුපිටියදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
බුලත්කොහුපිටිය වාගොල්ල වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
