පොලිස් නාකොටික් සිද්ධියේ සැකකරුවන් 16 දෙනා යළි රිමාන්ඩ්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 16 දෙනා ලබන මස 2 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
දැනට විදෙස් ගතව සිටින 14 වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා වරෙන්තු නිකුත් කරන ලෙස ඒ පිළිබඳ නඩුව අද (25) කැඳවු අවස්ථාවේ කොළඹ ප්‍රධාන මෙහස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
නීතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා අධිකරණයට පෙන්වාදුන්නේ 14 වන සැකකරු අදාළ සියලුම මත්ද්‍රව්‍ය තොග අලෙවි කළ පුද්ගලයා බවට හඳුනාගෙන ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
