කෑගල්ල, කළුතර රෝහල්වලටත් ළඟදීම PCR යන්ත්‍ර
දිනකට කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනිමේ PCR පරීක්ෂණ 20,000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මීට පෙර PCR පරීක්ෂණ 1000ක් පමණ සිදු කර ඇති බවත් දිවයිනේ රෝහල් 40 ක පමණ PCR පරීක්ෂණ සිදු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මේ වනවිට පෞද්ගලික රෝහල් 05ක ද එම පරික්ෂණ සිදු කරමින් පවතී.
මේ අතර කෑගල්ල සහ කළුතර රෝහල්වල ද ඉදිරියේදී PCR පරීක්ෂණ යන්ත්‍ර ස්ථාපිත කිරීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
