විදේශීය

නවසීලන්තයේ දේශසීමා තවදුරටත් වසා තබයි – අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන්

ලොව පුරා පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් නවසීලන්තයේ දේශසීමා තවදුරටත් වසා තැබිමට සිදු වන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් සඳහන් කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වසරේ වැඩි කාලයක් තවදුරටත් දේශසීමා වසා දැමිමට කටයුතු කරන අතර වෛරස ව්‍යාප්තියේ අවදානම හා ජනතාවට එන්නත් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය සැළකිල්ලට ගනිමින් දේශසීමා විවෘත කිරිම පිළිබඳ ව ඉදිරියේ දී තීරණය කරන බව ඇය ප්‍රකාශ කර තිබේ.

හඳුනාගත් ප්‍රදේශවල සංචාරය කිරිමට සඳහා ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් දූපත් ආශ්‍රීත රටවලට ලබාදී තිබෙන අවස්ථාව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *