හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 526 ක් සමග පුද්ගලයෙකු කැළණිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වත්තල ප්‍රදේශයේ සිට මගී ප්‍රවාහන බස් රථයකින් රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධිකය.
සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කුඩු රොෂාන්ගේ ප්‍රතිවාදී කල්ලියේ සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඝාතන සිද්ධීන් රැසකට චෝදනා එල්ල වී ඇති අයෙකු බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
