දේශීය

පානදුර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය 25 වනදා උදෑසන පානදුර පල්ලෙමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් සහ විශේෂ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන අරඹා ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා ගමන් කළ ත්‍රිරෝද රථයේම සිටි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධියට අදාළව සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවෙමින් ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *