දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

කොවිඩ් වෛරසයට ගොදුරු වූ ලොව පුරා  සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 101,441,981 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 73,325,796 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති බවත් ලොව පුරා සිදු වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,184,283ක් බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේරටින් වාර්තාවන කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 60,694 දක්වා ඉහළ ගොස් ඇත.

එම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 52,566 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 7,838 ක් වේ.

කොවිඩ් මරණ 290 ක් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇත.

කොවිඩ් රෝගීන් වාර්තාවන සංඛ්‍යා දත්ත අනුව පෙළ ගන්වා ඇති රටවල් ලැයිස්තුවේ 91 වන තැනට මේ වන විට ශ්‍රී ලංකාව පැමිණ ඇත.

වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට ඇමරිකාව වන අතර පිළිවෙලින් දෙවන හා තෙවන තැන් වල සිටින්නේ ඉන්දියාව හා බ්‍රසීලයයි.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?