දේශීය

ගජමුතු 5ක් සමග පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගජමුතු 5ක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයින් 04 දෙනෙකු උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ උඩුපුස්සැල්ලාව පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් මාතලේ සහ මැදිරිගිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් පැමිණි ජීප් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුපුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *