පරිපාලන සේවා විභාගයේ ප්‍රතිඵල කොමිසමට – විභාග දෙපාර්තමේන්තුව
රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
තෝරා ගැනීම්වලින් අනතුරුව විභාග ප්‍රතිඵල අපේක්ෂකයින්ට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී එම විභාගය පැවැත්විය.
මේ අතර රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල හා ශ්‍රි ලංකා ගණකාධිකාරී සේවයට බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරග විභාගවල ප්‍රතිඵල ද කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
