දේශීය

ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලියක් අපගේ මාතෘභූමියට අවශ්‍යයි – අගමැති

අප ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලිය අද වන විට අපගේ මාතෘභූමියට අවශ්‍යව ඇත්ති බව 73 වන දිහස් සමරුව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ , ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයක් බවයි. එසේම විවිධ අභියෝග හමුවේ දේශීයත්වය අගයන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙන යෑමේ මාවතට අප දැන් ප්‍රවිෂ්ට වී ඇති බවයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වනවිට “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්” යන්න යථාර්තයක් බවට පත් කිරීමට ද හැකි බව අග්‍රාමාත්‍යවරයා නිදහස් දින පණිවුඩයෙන් තවදුරටත් පෙන්වා දී ඇත.

මේ වන විට ලෝකයම වෙලා සිටින් කොවිඩ් වෛරසය විශාලම අභියෝගය වන බවත් ජනතාව මේ අර්බුදයෙන් නිදහස් කර ගැනීමේ සටනට අප දැන් උර දී සිටින බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *