විදේශීය

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කරයි

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කර තිබේ.

හමුදා පාලනයට එරෙහිව ජනතාව ඒකාරාශීවීම නැවැත්වීම සඳහා එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට හමුදාව විසින් පසුගිය සඳුදා දිනයේ මියන්මාර් නායිකා අවුන් සායි සුකී සහ එරට පාලකයින් සිය භාරයට ගෙන තිබුණී.

ඊට විරෝධය පළ කරමින් එරට ජනතාව විරෝධතා ආරම්භ කළ අතර පසුව හමුදා පාලනය විසින් මියන්මාරයේ ෆේස්බුක් තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

නමුත් තවදුරටත් විරෝධතා සඳහා ජනතාව ඒකාරාශිවීම හේතුවෙන් ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් තහනම් කළ හමුදා පාලකයින් පසුව සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *