ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් නොකරන බව ජෝ බයිඩ්න් කියයි
2015 වර්ෂයේ න්‍යෂ්ටික ගිවිසුම යටතේ එකඟ වූ කොන්දේසිවලට අනුකූල වන තෙක් ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු ජනාධිපති රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී එම අදහස් පළකර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථීක සම්බාධක ඉවත් කළහොත් පමණක් තමන් න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලව කටයුතු කරන බවයි.
2015 වර්ෂයේ ඉරානය සමග ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් වසරේදී අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2018 ඉරානයට එරෙහිව සම්බාධක පනවා තිබීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
