දේශීය

පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමට කටයුතු – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් වෛරස ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මේ මස අවසානයේදී හෝ ලබන මස ආරම්භයේදී  එන්නත්කරණය කිරීමට  මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා සිදුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අදහස් පළ කළේය.

ගුරුවරයා අවදානමට ලක්වෙනවා. විශාල පිරිසක් සමග දෛනිකව ගැටෙනවා. එම නිසා ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබාදීම යුක්ති සහගතයි. මම ඒ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ලලිත් වීරතුංග මැතිතුමා සමග මම මේ ගැන කතා කළා. ගුරුවරුන්ටත් මේක ලබාදෙන්න ඕනේ කියලා. එතුමා මට කිව්වා පෙබරවාරි මාසයේ අවසානයේ බැරි වුණොත් මාර්තු මාසයේ ගුරුවන්ට සීමිත ප්‍රමාණයක් හෝ ලබාදෙන්න අදියර කිහිපයකින්. මුළු රටට ම එක සැරේ කරන්න බෑ. ඒ පිළිබඳ ආරම්භයක් අපි කළ යුතුයි කියලා මාර්තු මාසයේ වුණත්. නිශ්චිත පොරොන්දුවක් දුන්නේ නෑ කරනවා කියලා. නමුත් එය හොඳ අදහස් නිසා මාර්තු මාසයේ කරන්න උත්සහ දරමු යි” යන්න අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *