පෙම්වතුන්ගේ දිනයට දැඩි නීති
එළඹෙන 14 වැනි දාට යෙදී තිබෙන පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය නිර්දේශවලට විරුදිධව යමින් සාද පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කර ඇත.
මෙම දිනය සැමරීමට නීතිවිරෝධී ලෙස සංවිධානය කරන විවිධ සාද, ප්‍රියසම්භාෂණ පිළිබඳ සමාජ ජාල හරහා තොරතුරු වාර්තාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයක් නොමැතිව කිසිඳු සාද, ප්‍රියසම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි ඔහු පැවසුවේ.
එසේම කොවිඩ් වෛරස ව්‍යාප්තියට පසුගිය දිනයන් හී පවත්වන ලද විවිධ සාද, විවාහ උත්සව ඍජුව බලපා ඇති බවත් යම්කිසි හේතුකින් පනවා ඇති නිතී රීති උල්ලංගනය කරමින් කටයුතු කළ පුද්ගලයින් හඳුනාගතහෝත් ඔවුන්ට විරුදිධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
