මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව විරෝධතාවයක නිරත වූ 27 ක් අත්අඩංගුවට
මියන්මාරයේ සිදු වූ විරෝධතාවයක් අතරතුර ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්කාරී වාතාවරණය අතරතුරදී පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතාවයේ යෙදී සිටි පුද්ගලයින්ට ජල ප්‍රහාර හා රබල් උණ්ඩවලින් වෙඩි තැබීම් ද සිදු කර ඇති බව වාර්තා වේ.
මියන්මාර නායිකා අවුන් සාන් සුකී ඇතුළු දේශපාලනඥයින් අත්අඩංගුවට ගෙන පසුගිය දි එරට හමුදාව විසින් රටේ පාලනය හමුදා භාරයට ගැණින.
හමුදා පාලනයට විරෝධය පළ කරමින් දහස් ගණනක් පිරිසක් මියන්මාරයේ නගර රැසක විරෝධතාවයේ නිරත විය.
කෙසේවෙතත් තවදුරටත් හමුදා පාලනයට විරෝධය පළ කරමින් විශාල පිරිසක් මියන්මාරයේ නගර රැසක විරෝධතාවල නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
