දේශීය

එල්ලන දීමනා එක්ක 1000ට විරුද්ධයි – 1000 ව්‍යාපාරය

1000 ව්‍යාපාරය විසින් ඊයේ (08) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. වතු කම්කරු දිනක මූලික වැටුප රුපියල් 1000 කළ යුතු බවත් දිනක මූලික වැටුප වෙනුවට දිනක වැටුප රුපියල් 1000 ක් ලබා දීම පිළිගත නොහැකි බවත් එම මාධ්‍ය හමුවේදී 1000 ව්‍යාපාරය අවධාරණය කළා.

වසර ගණනාවක් පුරා තමන් සිදු කළ අඛන්ඩ අරගලයේ අරමුණ වූයේ වතු කම්කරු ජනතාවට දිනක මූළික වැටුප රුපියල් 1000ක් ලබා ගැනීම බවත් රුපියල් 1000කින් ජීවත් වීමට නොහැකි ආර්ථීක අර්බුධ වලින් මිරිකී සිටින වතුකරයේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්ණ, යට ගසමින් ආන්ඩුව, වතු හාමුපුතුන් සහ වතු ජනතාව නොමග යවන වෘත්තීය සමීති වතුකරයේ ජනතාව මුහුණ දෙමින් සිටින ඇත්ත ප්‍රශ්ණ වලට දැන්වත් සංවේදී විය යුතුත් බව එම මාධ්‍ය හමුවේ දී 1000 ව්‍යාපාරයේ සම කැදවුම්කරු චින්තක රාජපක්ෂ මහතා පැවසුවා.

මූළික වැටුප රුපියල් 1000ක් කරනවා වෙනුවට මූළික වැටුප අඩු අගයක පිහිටා විවිධ දීමනා එල්ලා දහසක් ලබා දීම කිසිසේත්ම බාර ගත නොහැකි බව රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

ගෝලීය ආර්ථික අර්බුධ හමුවේදීත් විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්වය හමුවේත්  මෙරට තේ ‍සදහා විශාල ඉල්ලුමක් පැවති බවත් තේ කර්මාන්තය තුළින් විශාල ලාභයක් හිමිකරගත් බවත්  පසුගිය කාල පරිච්ඡේදය පුරා තේ කර්මාන්තයේ නියූතු මහා පරිමාන සමාගම් මහත් උජාරුවෙන් පැවසුව ද වසර 200ක් පුරා තේ කර්මාන්තය වෙනුවෙන් තම ජීවිත දියකරමින් සිටින වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සදහා ඉල්ලා සිටින විට තේ කර්මාන්තය පාඩු ලබන බව පැවසීම හාස්‍යයට කරුණක් බව මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් 1000 ව්‍යාපාරයේ මධ්‍යම කමිටු සාමාජික බූපති නලීන් වික්‍රමගේ මහතා පැවසුවා.

මහාපරිමාන සමාගම් තේ කර්මාන්තයෙන් අධික ලාභ ලබමින් එම ලාභය වෙනත් ව්‍යාපාර සදහා යොදවමින් සිටින අතර බදු ගිවිසුම් මත ලබා ගෙන ඇති තේ වතු වල යටිතල පහසුකම් සදහා මුදල් ආයෝජනය නොකරමින් මෙරට තේ නිෂ්පාදනය වෙනත්න රටවල් හා සංසන්දනය කරමින් තේ කර්මාන්තයේ ඵලදායිතාවය පිළිබද සියලු චෝදනා වතු කම්කරු ජනතාව මත පටවමින් සිටීම සියලු දෙනාගේම විශේෂ අවධානයට යොමු විය යූතු කරුණක් බව බූපති නලීන් මහතා මෙහිදී කියා සිටියා.

වතු කම්කරු ජනතාවගේ ජීවිත වලට හිමිවිය යුතු උපරිම සාධාරණත්වය වෙනුවෙන් අරගල කරන 1000 ව්‍යාපාරය ඉදිරියේදී එම සටන සියලු ප්‍රගතිශීලී බලවේගයන්ගේ සහභාගිත්වයෙන් තවත් තීව්ර කරමින් මෙම අරගලය දිනක මූලික වැටුප 1000 ට එහා ගිය පුළුල් සටනක් බවට පත් කරන බව බූපති නලීන් මහතා වැඩිදුරටත් පැවසුවා.

මෙම මාධ්‍ය හමුවේදී මුරලිදරන් මයුරන් මහතා 1000 ව්‍යාපාරය වෙනුවෙන් දමිළ බසින් අදහස් පල කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?