ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුය හමුවට හෙට කැඳවා තිබේ – මහාචාර්ය චරිත හේරත්

හෙට (11) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කර ඇත.

2017 සහ 2018  වර්ෂවලට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබඳව මෙහිදී විමර්ෂණය කිරීමට නියමිත වේ.

හෙට පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේදී කමිටුව රැස් වීමට නියමිත අතර මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *