දේශීය

කොවිඩ් ආසාදිත O/L සිසුන්ට දිස්ත්‍රික් මට්ටමින් විශේෂ මධ්‍යස්ථාන – විභාග දෙපාර්තමේන්තුව

කොවිඩ් ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට (O/L) විභාගයට මුහුණ දීමට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යස්ථාන ඇති කිරිමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එවැනි සිසුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිට විභාගයට මුහුණ දිය හැකි බවත් අදාළ මධ්‍යස්ථාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව හඳුනා ගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.

නිරෝධායනයට ලක්වන සිසුන් වේ නම් ඔවුන්ට විභාගයට මුහුණ දීමේ පහසුකම් සැලසීමේ අරමුණින් සියලු විභාග මධ්‍යස්ථානවල හුදෙකලා පන්ති කාමරයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

විභාග මධ්‍යස්ථානවල විෂබීජහරණය ඇතුළු සියලු කටයුතු විදුහල්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, කලාප සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා අධීක්ෂණයට උපදෙස් දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01වැනිදා සිට මධ්‍යස්ථාන 4,513 කදී පැවැත්වීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?