විදේශීය

ටෙක්සාස් මාර්ගයක වාහන 100 ක් එකිනෙක ගැටුණු අනතුරක් – 6 ක් මරුට

ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත්හි මාර්ගයකදී වාහන 100 කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උදෑසන 6.00 ට පමණ වාර්තා වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 65ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තව ද පුද්ගලයින් තිදෙනෙකු පමණ බරපතළ තත්ත්වයේ පසු වන අතර බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

කිහිප දෙනෙකු මෝටර් රථ තුළ සිරවී සිටින බවට ද වාර්තා වී ඇත.

ෆෝර්ට් වර්ත් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ  වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?