නිරෝධායනය නීති කඩ කළ ආයතන 1,400කට නඩු
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් නිරෝධායනය නීති උල්ලංඝනය කළ ආයතන 1,400කට එරෙහිව නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.
කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග සෞඛ්‍ය අංශ විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ රැසක් හඳුන්වා දී තිබුණි.
ඒ අනුව අදාළ ක්‍රමවේද අනුගමනය කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය සහ සෞඛ්‍ය අංශ එක්ව විමර්ශන සිදු කළ අතර ඊට අදාළව මෙම නඩු පැවරීම සිදුකර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
