ක්‍රීඩා

මෙවර ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත්

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයන් සිව්දෙනෙකු සමත් වී නොමැති බව වාර්තා විය.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට නම් කෙරුණු මූලික සංචිතයේ ක්‍රීඩකයින් 36 දෙනා අතරින් 32 දෙනෙකු මෙම යෝග්‍යතා පරීක්ෂණය සඳහා ඉදිරිපත්ව සිටි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමට නම් කිලෝමීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලසීමාවක් තුළ ධාවනයේ යෙදීමට ක්‍රීඩකයින්ට සිදු වුණි.

අදාළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත්තේ කුසල් ජනිත්, දිල්රුවන් පෙරේරා, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් වේ.

කෙසේවුවද මෙම යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ක්‍රීඩකයින්ට යළිත් අවස්ථාවක් ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *