ඉබෝලා වෛරසයෙන් 04 ක් මරුට
බටහිර අප්‍රිකාවේ වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවිකාවක් ද වන බවයි.
ඉබෝලා වෛරසය ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් 08 දෙනෙකු ද නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
මීට වසර 05කට පෙර දරුණු ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉබෝලා වෛරසයෙන් පුද්ගලයින් 11,000 ක් පමණ මියගොස් තිබුණි.
යළි මතුව ඇති ඉබෝලා වෛරස අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කඩිනම් පියවරගන්නා බව එරට බලධාරීන් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
