විදේශීය

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ.

ඉන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ 2011 වසරේ සිදු වූ ප්‍රබල භූ කම්පනයේ දස අවුරුදු සංවත්සරයට සති කිහිපයකට පෙර එම වෙරළ තීරයේම රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබල භූකම්පනයක් සිදු වී තිබේ.

මෙම භූ කම්පනය ටෝකියෝවට ද දැනී තිබුන ද සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති අතර නිවාස මිලියනයකට ආසන්න ප්‍රමාණයකට විදුලිය ඇනහිට ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

2011 දී ඇතිවූ භූ කම්පනයෙන් සුනාමියක් ඇති වී 18,000 අධික පිරිසක් මියගොස් තිබුණි.

එම සුනාමිය හේතුවෙන් 1986 දී චර්නොබිල් ව්‍යසනයෙන් පසු ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර වන ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර අනතුර ද සිදු විය.

නව භූමිකම්පාව 2011 දැවැන්ත භුකම්පනයේම පසු කම්පනයක් බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ.

විශාල භූමිකම්පාවකින් පසු ඇති වූ කම්පන වසර ගණනාවක් පුරා පැවතිය හැකි බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *