පෑලියගොඩ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකුට තුවාල
කොළඹ නුවර මාර්ගයේ පෑලියගොඩ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී අද (14) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලීසිය සඳහන් කළේ ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී බස් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියදුරු, ටිපර් රථයේ රියදුරු, ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි පිටුපස ගමන් ගත් අයෙකු බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
