දේශීය

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එම නිලධාරීයාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (13) දිනයේ හඳුනාගත් බව මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුගතවෙමින් එම නිලධාරීයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

කොවිඩ් ආසාදිත කාර්යමණ්ඩල සාමාජිකයා මහකොමසාරිස් කාර්යාලය තුළ සිය රාජකාරී කටයුතු සිදු කිරීමේ දී බාහිර පාර්ශ්වයන් හා සම්බන්ධ වී නොමැති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ද පියවරගෙන තිබේ.

එමෙන්ම කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයට ලක්කර අවදානම පාලනය කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?