දේශීය

දිවයින පුරා කළ පොලිස් මෙහෙයුමකින් 3,880ක් අත්අඩංගුවට

දිවයින පුරා කළ මෙහෙයුමකින් බීමත් රියදුරන් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,880 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර බීමත් රියැදුරන් 518 දෙනෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මීට අමතරව මත්පැන් හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 983 දෙනෙකු ද මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ  වරෙන්තුකරුවන් 1,572 දෙනෙකු හා විවිධ වැරදි සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයින් 127 ක් ද එහිදී අත්අඩංගුවට ගත් බවයි.

නීති විරෝධී ගිනි අවි ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සංඛ්‍යාව 8 කි.

පොලිස් ස්ථාන 494 ක නිලධාරීන් 16,894 ක් දීපව්‍යාප්තව ඊයේ (13) දිනයේ කළ මෙම මෙහෙයුම සඳහා සහභාගි වී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?