නීති විරෝධී ලෙස ගෙන ආ කහ තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
කහ කිලෝ ග්‍රෑම් 1,164.5ක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබියදී හලාවත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද (15) අළුයම වෙන්නප්පුව – මාඔය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙක්ද බුද්ධි අංශ නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙරටට මුහුදු මාර්ගය ඔස්සේ කහ තොගයක් ගෙන එන බවට ලද තොරතුරකට අනුව දින 4 ක් පුරාවට සිදුකරන ලද වැටලීමක දී මෙම කහ තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැණින.
පොලිතීන් උර 33ක පමණ මෙම කහ තොගය අසුරා තිබී ඇති අතර කහ තොගය ගොඩබිමට ගෙන ආ බවට සැකකෙරෙන බෝට්ටු දෙක පළා ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ෂන සිදු කෙරේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
