පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරුවලින් ජීවිත 11 ක් අහිමි වේ
ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ජීවිතක්ෂයට පත්වූවන් අතර යතුරුපැදිකරුවන් 5 දෙනෙකු සිටි බව වාර්තා වේ.
මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ දිනකට රිය අනතුරුවලින් පුද්ගලයින් 11 ක් මිය යාම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යාමක් බවත් මේ දිනවල දිවයින පුරා දෛනිකව රිය අනතුරු 120 ක් පමණ සිදුවන බවයි.
අධික වේගය බීමතින් රිය ධාවනය කිරීම සහ මාර්ග සංඥා නොපිළිපැඳීම බොහෝ රිය අනතුරුවලට හේතු වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
