මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යෑම සහ රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාළ මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව ද ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දැනුම් දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
