ෆුල් ෆේස් හෙල්මට් නඩු ඉල්ලා අස්කර ගන්නැයි උපදෙස්
සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි ආරක්ෂිත හිස්වැසුම් පැළඳ යතුරුපැදි පදවන යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද (16) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන පරිදි ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ යතුරුපැදියක් ධාවනය කිරීමේ චෝදනාව යටතේ වැල්ලවාය පොලීසිය පවරා තිබු නඩුවක සැකකරුවෙකු වන නාමල් ප්‍රසංග නමැති යතුරුපැදිකරුවා විසින් ඉදිරිපත් කරන ලද රීට් ආඥා පෙත්සමක් යළි කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ බව දැනුම් දීම සිදු කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ රීට් ආඥා පෙත්සම කැඳවී ය.
2017 අංක 02 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂිත රෙගුලාසි යටතේ පොලිසිය විසින් පෙත්සම්කරුට එරෙහිව එම නඩුව පවරා ඇතත් එම රෙගුලාසිය මේ වනවිට බලශුන්‍ය කර ඇති බැවින් ඉදිරියේදී එලෙස නීතිමය පියවර නොගන්නා ලෙසට ද පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව සිය සේවාදායකයා ඉදිරිපත් කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
