අල්ලස් ගත් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට
රුපියල් 500ක මුදලක් අල්ලස් ලෙස ගත් බව පැවසෙන අත්තනගල්ල ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තු කාර්යාලයේ කණිෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නාල්ල දිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා කාර්යාලය තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරුට අයත් ඉඩමේ වසර 25ක පත්ඉරු ලබා ගැනීමට අවශ්‍ය පත්ඉරු අංක නිසි පරිදි කාර්යාලයෙන් සොයා දී එම අවශ්‍ය ඉදිරි කටයුතු කරදීම වෙනුවෙන් සැකකරු රු 500ක මුදලක් ලබා ගැනීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
