කථානායක මහින්ද යාපාටත් කොවිඩ් එන්නත
අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගෙන තිබේ.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේය.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණ වැඩසටහනට ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා මෙසේ එන්නත ලබා ගත් බවයි.
අද (17) දහවල් 12 .00වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
