නුගේපාර ප්‍රදේශයේදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ පොලිස් වසමේ නුගේපාර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 625 ක් සොයාගෙන ඇති අතර ඇය කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.
සැකකාරිය අද (18) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
