මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹයි
ගෝලීය වශයෙන් ලොව පුරා ව්‍යාපත වූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරම්භ කර ඇත.
ඒ අනුව සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවය ගුවන් ගමන් මෙලෙස අරඹා තිබේ.
සලාම් ගුවන් සේවයේ ගුවන් යානයක් ඕමානයේ මස්කට් නුවර සිට මගීන් 75 දෙනෙකු රැගෙන පළමු ගුවන්යානය ලෙස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර පසුව තායිලන්තයේ බැංකොක් නුවර සිට අනෙක් ගුවන්යානය පැමිණ තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
