අධික හිම පතනය නිසා ඇමරිකාවේ ජන ජීවිතයට දැඩි බලපෑම්
ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ඉතා දරුණු ලෙස හිම පතනය වන බවත් ඊසානදිග ඇමරිකානු ප්‍රාන්තවලින් අනෙකුත් ප්‍රාන්තවලට වඩා අධික ලෙස හිම පතනය වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේරිලන්ඩ්, පෙන්සිල්වේනියා, වර්ජිනියා, බටහිර වර්ජිනියා, සහ නිව් ජර්සි යන ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවල සෙන්ටිමීටර් 6 සිට 8 දක්වා උසට හිම වැටී තිබේ.
අධික හිමපතනය හේතුවෙන් ඇතිවූ හිම කුණාටු තත්ත්වය නිසාවෙන් ප්‍රාන්ත ගණනාවක විදුලි සැපයුම ඇණහිට ඇති අතර මෙම තත්ත්වය හමුවේ ජන ජීවිතය විශාල අර්බුධයකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේම එරට කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය තව දින කිහිපයක් පුරා පවතිනු ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
