දේශීය

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ගමන් ගත් මෝටර් රථය අනතුරකට – තිදෙනෙකු රෝහල්ගත කෙරේ

ආණමඩුව – බංගදෙණිය මාර්ගයේ සේරුකැලේ ප්‍රදේශයේදී අද (20) උදෑසන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක් වී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇත.

පොලීසිය සඳහන් කළේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

සිදු වූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් අමාත්‍ය අරුන්දික මහතාට කිසිදු අනතුරක් සිදුවී නොමැත.

නමුත් මෝටර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අනතුරින් තුවාල ලබා ඇති හෙයින් ඔවුන් ප්‍රතිකාර සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *